Saturday, July 10, 2021

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට බලපාන බව පෙනී ගොස් ඇත. එසේ බලපාන න්තාවන්ගෙන් භාගයකට පමණ ඔක්කාරය සහ වමනය යන දෙකම සෑදෙන අතර ¼ කට සෑදෙන්නේ ඔක්කාරය පමණි. මෙම අපහසුතාවය සෑදෙන ඉතිරි කාන්තාවන්ට එම තත්වය බලපාන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එය ඉක්මනින් පහව යයි.

ඔක්කාරය හෝ වමනය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගර්භනී සමයේ 6 වන සතිය පමණ වන විටය. නමුත් ඇතැම් විට එය 4 වන සතියේදී පවා ආරම්භ විය හැක. එසේම එම තත්වය ඊළඟ මාසය තුල ඇතැම් විට වැඩි විය හැක.


මෙසේ ඔක්කාරය හෝ වමනය සෑදෙන කාන්තාවන්ගෙන් භාගයක් පමණ ගර්භනී සමයේ 14 වන සතිය පමණ වන විට සම්පූර්ණයෙන් සුව වේ. ඉතිරි අයට එම තත්වය තවත් මාසයක් පමණ පැවතිය හැක. එසේම ඇතැමුන්ට මෙසේ පහව ගිය ඔක්කාරය/වමනය නැවත විටින් විට සැදීමට ඉඩ ඇත. ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්වය ගර්භනී සමය පුරාම පැවතිය හැක.

ඇතැම් කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ මතු වන්නේ උදැසන කාලයේදී පමණකි. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ලක්ෂණ දවසේ ඕනෑම වෙලාවක හෝ දවස පුරාම පැවතිය හැක. එසේම මෙම රෝග ලක්ෂණ කොපමණ තදින් පවතින්නේද යන්නත් එකිනෙකාට වෙනස් විය හැක.

මෙම රෝගී තත්වය ඇති වන්නේ ඇයි?

මෙම තත්වයට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නොමැත. නමුත් පහත දකවා ඇති හේතුන්ගෙන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව කිව හැක.

 එච් සී ජී (HCG) හෝමෝනය: මෙම හෝමෝනය ගර්භනී කාලයේ ඔබගේ සිරුර තුල විශාල වශයෙන් නිපදවේ. මෙම හෝමෝනය ඔක්කාරය හෝ වමනය ඇති කරන්නේ කෙසේදැයි කෙලින්ම කිව නොහැකි නමුත් මෙම හෝමෝනයේ බලපෑමක් ඇති බව විවිධ හේතු නිසා පැහැදිලි වේ. එනම් ඔක්කාරය/වමනය ආරම්හ වන කාලය සහ මෙම හෝමෝනය ඔබගේ සිරුරේ වැඩි වශයෙන් නිපදවෙන කාලය එකම වීම සහ මෙම හෝමෝනය වඩාත් වැඩිපුර නිපදවෙන අවස්ථා වන නිවුන් දරු ගර්භනී අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ සැදීමේ වැඩි අවදානමක් තිබීම වේ.

 ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය: මෙම හෝමෝනයද ගර්භනී සමයේදී සීඝ්‍ර ලෙස වැඩි වන හෝමෝනයකි. මෙම හෝමෝනයද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වන බව හඳුනාගෙන තිබේ.

 ගර්භනී සමයේ ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම සහ එම සුවඳ වලට ඇති සංවේදීතාවය වැඩි වීම: ගර්භනී සමයේ ඔබට ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වන බව සමහර විට ඔබත් ඇත දැක ඇති. මෙසේ වැඩිපුර ගඳ/සුවඳ දැනීම සහ එම ගඳ සුවඳ වලට සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් සුවඳ වල දැනුනු විට ඔක්කාරය/වමනය ඇති විය හැක. මෙසේ වීමට හේතුවක්ද මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නැත.

ඇතැම් කාන්තාවන්ගේ ආහාර මාර්ගය ගර්භනී කාලයේදී වඩාත් සංවේදී බවට පත්වේ. එසේම ඇතැම් විට ඔබට හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නමින් හඳුන්වන බැක්ටීරියාව නිසා ඇති වන ගැස්ට්‍රයිටිස් රෝග තත්වය තිබේ නම් එයද ඔක්කාරය/වමනය වැඩි වීමට හේතු වනවා ඇත.
එසේම මෙම ඔක්කාරය/වමනය ඇති වීමට මානසික හේතූන්ද බලපෑ හැකි බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දී ඇති නමුත් මෙය තවමත් තහවුරු වී නොමැත.

ඇතැම් ගර්භනී කාතාවන්ට ඔක්කාරය/වමනය සැදීමේ වැඩි අවදානමක් තිබේද?

ඔබට පහත සඳහන් කාරණා වලින් එකක් හෝ අදාළ වේ නම් ඔබට ඔක්කාරය/ වමනය සීමේ වැඩි අවදානමක් ඇත,

ඔබට ගර්භනී වී ඇත්තේ නිවුන් දරුවන්ගෙන් හෝ ඊට වඩා වැඩි දරුවන් ගණනකින් නම්. මෙසේ වූ විට ඔබගේ ශරීරයේ ඉහතදී සඳහන් කල එච් සී ජී (HCG) හෝමෝනය සහ වෙනත් හෝමෝන අධික ලෙස නිපදවේ. එම නිසාම නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට ඔක්කාරය/වමනය සැදුනු විට එය අනිත් මවු වරුන්ට වඩා දරුණු වීමටද ඉඩ ඇත. නමුත් ඔක්කාරය/වමනය සෑදීම අනිවාර්යයෙන් සිදු නොවන අතර ඔබට ඇතැම් විට එය නොසෑදීමටත් ඉඩ ඇත.

·         ඔබට මීට කලින් ගර්භනී වී සිටි අවස්ථා වල ඔක්කාරය/වමනය සෑදුනා නම්.
·         ඔබට උපත් පාලන පෙති (ඔබ මීට කලින් එව භාවිතා කර ඇත්නම්) වලට ඔක්කාරය/වමනය සැදී තිබේ නම්.
·         ඔබට රථ වාහන වල ගමන යන විට සාමාන්‍යයෙන් ඔක්කාරය/වමනය සැදෙන්නේ නම්.
·         ඔබගේ මව,සහෝදරිය ඇතුළු ලඟම ලේ නෑයන්ට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදී ඇත්නම් ඔබට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදීමට ජානමය නැඹුරුතාවයක් තිබිය හැක.
·         ඔබට ඉරුවාරදය (migraine) නිසා ඔලුවේ කැක්කුම නිතර සෑදෙන්නේ නම්.
·         ඔබට ලැබෙන්නට සිටින්නේ ගැහැණු දරුවක් නම්.

මාගේ ඔක්කාරය/වමනය මට ලැබෙන්නට සිටින දරුවාටත් බලපායිද?

ගර්භනී සමයේ බොහෝ කාන්තාවන්ට සෑදෙන සුළු ඔක්කාරය/වමනය තත්වය ඔබගේ දරුවාට අහිතකර බලපෑමක් ඇති නොකරයි. සත්‍ය වශයෙන්ම ඔබගේ ගර්භනී සමයේ පළමු මාස තුන තුලදී බර වැඩි නොවුනද ඔබ අවශ්‍ය පරිදි දියර වර්ග පානයට ගනිමින් විජලනයෙන් වැළකී සිටින්නේ නම් හා අධික ලෙස නිරාහාරව නොසිටින්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. එසේ බොහෝ විට මෙම තත්වය ඉක්මනින් පහව ගොස් ඔබගේ ආහාර රුචිය ඉක්මනින් නැවත සාමාන්‍ය අතට හැරෙනු ඇත.

කෙසේ නමුත් ඔබට ඔක්කාරය/වමනය නිසා සාමාන්‍ය සමබර ආහාර වේලවල් ගැනීමට නොහැකි වේ නම් ඔබ මේ පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කල යුතුය.ඇතැම් විට ඔබගේ වෛද්‍යවරයා ඔබට අතිරේක විටමින් වර්ග ආදිය නිර්දේශ කරනු ඇත. ඉතා දරුණු සහ කල පවතින වමනය නියමිත මාස ගණන සම්පූර්ණ වීමට කලින් දරුවා බිහි වීම, අඩු බර දරු උපත් සහ දරුවා උපදින විට නියමිත ප්‍රමාණයට වඩා කුඩා වීම ආදී සංකූලතා වලට හේතූ විය හැක. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ ගර්භනී කාලය තුලදී අවම වශයෙන් කිලෝ 7ක වත් බර වැඩි වීමක් ලබා ගන්නා කාන්තාවන්ගේ දරුවන් මෙම සංකූලතා වලට ගොද්දුරු නොවන බවයි.

මට උදෑසන ඔක්කාරය/වමනය නොතිබීම මගේ දරුවා ගබ්සා වීමට යන බවට සාධකයක්ද?

එසේ නැත. ඇතැම් පර්යේෂණ වලින් ගබ්සා වීම් වලට ලක් වන කාන්තාවන්ට ඔක්කාරය/වමනය නොසෑදීමට වැඩි ඉඩක් ඇති බව සොයා ගෙන ඇති නමුත් ගර්භනී සමයේ ඔක්කාරය/වමනය නොසෑදී ඉතා සුරක්ෂිත ගර්භනී සමයක් ගත කරන කාන්තාවන් බොහොමයක් සිටී. ඔබ බොහෝ විට අයත් වීමට ඇත්තේ මෙම කාන්තාවන් ගොඩට බැවින් බිය නොවන්න.

ගර්භනී කාලයේ ඔක්කාරය සහ වමනයෙන් සහනයක් ලබා ගැනීමට මට කල හැක්කේ කුමක්ද?

ඔබට ඇත්තේ ඉතා සුළු ඔක්කාරය/වමනය තත්වයක් නම් සාපේක්ෂව සරල ක්‍රියාමාර්ග කිහිපයක් ඔබට සහනයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් විය හැක. (එසේම මෙම ප්‍රතිකර්ම සාර්ථක නොවුවහොත් ඔබට වෛද්‍ය නිර්දේශ යටතේ ඖෂධ පාවිච්චි කල හැක.) මෙම ප්‍රතිකර්ම වලින් වැඩි ප්‍රමාණයක් පර්යේෂණ මගින් ඔප්පු කර නැති නමුත් ඔබොහෝ වෛද්‍යවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේවා නිර්දේශ කරන අතර, බොහෝ කාන්තාවන් මෙම ප්‍රතිකර්ම වල සාර්ථක භාවය සහතික කරති.

නිතරම ආහාර කුඩා ප්‍රමාන වලින් ආහාරයට ගැනීම මගින් ඔබගේ උදරය දගින් දිගටම හිස වීමෙන් වලක්වා තබා ගැනීම. සමහර කාන්තාවන්ට මේ සඳහා පිෂ්ඨය අධික ආහාර භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැක.

සරල කෙටි ආහාර වර්ගයක් (සැහැල්ලු බිස්කට් වර්ගයක් වැනි) ඔබගේ ඇඳ අසල භාජනයක තබා ගන්න. ඔබ උදයේ නැගිටීමට පෙර එම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න. ඊට පසු මිනිත්තු 20-30ක් පමණ ඇන්දේ නිදා ගෙන සිට ඉන් පසු සෙමින් නැගිටින්න

එසේම ඔබට රාත්‍රියේ යම් ඔක්කාරයක් දැනෙන්නේ නම්ද ඕම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න.
විශේෂයෙන්ම ඇඳෙන් නැගිටින විට සෙමෙන් නැගිටීම සහ නැගිටින විට මඳක් ඇඳ මත වාඩි වී සිට නැගිටීම ඔබට ඔක්කාරය අඩු කිරීමට සෑහෙන පිටුබලයක් සපයනවා ඇත.

ඔබට ඔක්කාරය/වමනය ඇති කරවන ආහාර හෝ සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න. නමුත් ඔබට සියලුම ආහාර වලින් ඔක්කාරය ඇති වේ නම්, ඔබට යන්තම් හෝ දරා සිටීමට හැකි කෑම වර්ග වලින් හෝ යුත් ආහාර වේලක් ගැනීමට උත්සාහ කරන්න. ඔබ නිරාහාරව සිටීම නොකළ යුතුයි.

ඇතැම් විට වඩාත් රස අඩු ආහාර වර්ග ගැනීම මගින් ඔබගේ ඔක්කාරය/වමනය පාලනය කර ගැනීමට පිටුබලයක් ලැබෙනු ඇත. එසේම ආහාර රස්නය නිවුණු පසු ආහාරයට ගැනීමද ඔබට අත්හදා බැලිය හැක. එවිට සුවඳ දැනීම අඩු නිසා ඔක්කාරය/වමනය අවම වනු ඇත.

තෙල් සහිත ආහාර දිරවීමට වැඩි වෙලාවක් යන නිසා ඔක්කාරය/වමනය සෑදීමට වැඩි ඉඩක් ඇත. එමනිසා ඒවා ආහාරයට ගැනීම අඩු කරන්න. එසේම තෙම්පරාදු කල, අධික ලෙස මිරිස් සහිත හෝ ආම්ලික ආහාර ගනීමන්ද වලකින්න.

ආහාර වේල් අතරතුර දියර වර්ග විටින් විට පානය කරන්න. නමුත් එකවර විශාල ප්‍රමාන වලින් බීමට නොගන්න. එවිට ඔබගේ උදරය පිරී ආහාර ගැනීම තවත් අමාරු වේ.

ඔබට අධික ලෙස වමනය යන්නේ නම් වෛද්‍ය උපදෙස් මත ජීවනී පානය කරන්න.
ඇතැම් කානතාවන්ට සමහර සුවඳ වලට ඔක්කාරය/වමනය සෑදේ. ඔබත් මෙසේ වේ නම් සහ එසේ ඔබට ඔක්කාරය/වමනය සෑදෙන සුවඳ වර්ග ඔබ හඳුනා ගෙන ඇත්නම් හැකිතාක් එම සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න.

ඔක්කාරය/වමනය සෑදීම ඔබ වඩාත් වෙහෙසට/තෙහෙට්ටුවට පත වී සිටින විට වැඩි වේ. එම නිසා ඔබගේ වෙහෙස අඩු කර මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල නියැලීමට උත්සාහ කරන්න.

ඔබට ලැබෙන යකඩ පෙති මගින් වමනය වැඩි විය හැක. නමුත් මෙම තත්වය යකඩ පෙති රාත්‍රියට නිදා ගැනීමට මඳකට පෙර ගැනීමෙන් වලකා ගත හැක.

ඉඟුරු ඔක්කාරය/වමනය අඩු කරවන අගනා ස්වාභාවික ඔසුවකි. සැබෑවටම ඉඟුරු යොදා සෑදූ ජින්ජර් බියර්, ඉඟුරු යොදා සෑදූ තේ මේ සඳහා සුදුසුය.

ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සඳහා බෙහෙත් තිබේද



ඔබට ඉහත සඳහන් කර ක්‍රම වලින් සහනයක් ලබා ගැනීමට නොහැකි නම් හෝ ඔබට තදබල ලෙස ඔක්කාරය/වමනය තිබේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවී බෙහෙත් ලබා ගත හැක.

බොහෝ විට ඔබට ඔක්කාරය/වමනය අඩු කරවන බෙහෙත් වලට අමතරව විටමින වර්ග (උදා: විටමින් B6 වැනි) ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත. වමනය අඩු කිරීම සඳහා මෙම විටමිනයේ සාර්ථක භාවය පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

එසේම ඔබගේ සායන වෛද්‍යවරයාද ඔබගේ මෙම රෝගී තත්වය පිලිබඳ දැනුවත් කරන්න. එවිට ඔහුට ඔබ දැනට ගන්නා බෙහෙත් වර්ග වලට අවශ්‍ය නම් වෙනස් කම කල හැකි වේ.

මට ඉතාම තදබල ලෙස ඔක්කාරය/වමනය ඇත්නම් මම කල යුත්තේ කුමක්ද ?

ඔබට ඉතාම තදබල ලෙස වමනය යන්නේ නම්, වමනය පැය විසි හතරක් තුල නවතින්නේ නැති නම්, හෝ
ඔබට අධික ලෙස පිපාසය දැනෙන්න්නේ නම්, තොලකට වේලී ඇති නම් වමනය නිසා කිසිවක් පානය කිරීමට‍ නොහැකි නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.

එසේම ඔබ‍ට ලේ වමනය යන්නේ නම් (මඳ වසයෙන් හෝ), බද රිදෙන්නේ නම් හෝ ඔබට ශරීරය තදබල ලෙස දුර්වල වී ඈති බවක් හැඟෙන්නේ නම් එවිටද ඔබ වෛද්‍යවරයා හමු වී මේ ගැන දැනුවත් කල යුතයි.
ගර්භනී කාන්තාවන්ගෙන් 1% ක් පමණ “හයිපර්-එමෙසිස් ග්‍රවිඩාරුම්” (hyperemesis gravidarum) නම් රෝගී තත්වයට ලක්වී සිටීමට ඉඩ ඇත. එම රෝගී තත්වයේ ලක්ෂණ වන්නේ ඉතාම තදබල ලෙස වමනය යාමයි. එම නිසා ඔබට තදබල ලෙස වමනය ඇත්නම් ඔබගේ වෛද්‍යවර හමු වීම වැදගත් වන්නේ මේ රෝගී තත්වයට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය නිසාය.

මඳසරු බවට ආයුර්වේද ප්‍රතිකාර

විවාපත් තරුණ යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව දරු සුරතල් බැලීමයි. එහෙත් අද බොහෝ දෙනකුට එම බලාපොරොත්තුව ඉටුකරගැනීමට නොහැකි වන අවස්ථා පවතිනවා. මෙය එන්න එන්නම වර්ධනය වන ගැටලුවක් බවට පත්වෙලා.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකු ගේ මඳසරු බවට හේතු මොනවා ද?

කිසියම් ස්ත්‍රියක් ගැබ් ගැනීමේ හැකියාවෙන් යුක්ත නම්, කිසියම් පුරුෂයකු ගැබ් ගැන්වීමේ හැකියාවෙන් යුක්ත නම්, ඔහු හෝ ඇය ‘සරු’ ලෙස ආයුර්වේදයේ දැක්වෙනවා. ස්ත්‍රියක් ගැබ් ගැනීමට නම් ඩිම්බ මේරීම, ඩිම්බ පිටවීම, නාළ ගර්භාෂය නිසියාකාරව වැඩී තිබීම නියමාකාරව සිදුවිය යුතුයි.

පිරිමියකුගේ ශුක්‍ර තරලයේ නියත පරිමාවක ඇති ශුක්‍රානු ගණන (Sperm Count) ශුක්‍රාණුවල ඇති චලන හැකියාව (Motility) ශුක්‍ර නාල අවහිරවලින් තොර වීම යනාදි කරුණු වලින් සම්පූර්ණව තිබිය යුතුයි. මඳසරු භාවය ලෙස හඳුන්වන්නේ කිසියම් පිරිමියකු හෝ කාන්තාවක උපතේ සිට තරුණ අවධියට පත්වන විට කිසියම් හේතුවක් නිසා ‘සරු’ බව නැතිව යාමයි.

“වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විවාපත් අය අතරින් සියයට හැටක් ස්ත්‍රීන් ද සියයට හතළිහක් පිරිමින් ද මදසරු භාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා. කිසියම් යුවලක් දරුවන් නොමැතිවීම පිළිබඳව වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ විවාහ වී වසරක් ගතවූ පසුවත් දරුවකු නොමැති නම් පමණයි.

අඹු සැමි දෙපළ ගෙන් වෙන වෙනම තොරතුරු සොයා බැලීමෙන් මදසරු බව ඇත්තේ කාටදැයි පහසුවෙන් හඳුනාගත හැකියි. ස්ත්‍රියක් ගැබ් ගැනීමට නම් ඇයගේ මාසික ඔසප් වීම නිවැරැදිව සිදුවිය යුතුයි. එහිදී අධික වේදනාවක් දැනෙනවාද, රුධිර වහනය වැඩි ද, ඒ පිළිබඳ වෙනත් රෝග ලක්ෂණ තිබේ ද කියා සොයා බැලිය.

පුරුෂයකු මදසරු භාවයට පත්වීමට කම්මුල්ගාය රෝගය වැළඳී තිබීම, අධික ලෙස මත්පැන් දුම්වැටි පානය, හුණු ගඩොල් පෝරණු වැනි උණුසුම අධික ස්ථානවල රැකියාව කිරීම, ප්‍රධාන වශයෙන් ම හේතු වෙනවා. ස්ත්‍රියට කරනු ලබන ස්කෑන් පරීක්ෂණයකිනුත් පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂාවකිනුත් ප්‍රධාන වශයෙන් ම දෙදෙනාට දරුවකු ලබාගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය හැකියි.”

“ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නාඩි පරීක්ෂා කිරීමෙන් දරු ඵල පිළිබඳව බොහෝ තොරතුරු සොයාගත හැකියි. කාන්තාවකගේ සෙම් නාඩිය, වාත නාඩිය, පිත් නාඩිය පරීක්ෂා කළ විට ප්‍රමේහ රෝග ලක්ෂණ ඉතාම පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ස්ත්‍රීන් තුළ පවතින ‘සුද යාම’ නම් රෝග තත්ත්වය දරුවකු ලැබීමට විශේෂයෙන්ම බලපාන කරුණක්.

මෙය රෝග ලක්ෂණයක්. මෙම තත්ත්වය ස්ත්‍රියක් තුළ දීර්ඝ කාලයක් පැවතුණ හොත් එයින් ගැබ් ගෙල ආසාදනයට පත්විය හැකියි. පසුව ගර්භාෂයට එම ආසාදන තත්ත්වය ගමන් කළ හැකියි. මෙවැනි තත්ත්වයන් ද නාඩි පරීක්ෂාවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. දරුවකු පිළිසිඳ ගැනීමට බාධා වන ෆයිබ්‍රොයිඩ (Fibriod) වැනි තත්ත්වයන් ද ස්කෑන් පරීක්ෂාවකින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.”

“පුරුෂයින් වඳ භාවයට පත්වීමට හේතු වන ප්‍රධානම කරුණක් වන්නේ වෘෂණ කෝෂ ශරීර අභ්‍යන්තරයට වන්නට පිහිටීමයි. පිරිමි දරුවකුගේ මෙම තත්ත්වය කුඩා අවධියේදීම හඳුනාගෙන සුළු ශල්‍යකර්මයක් කිරීමෙන් ඉතාම පහසුවෙන් නිවැරැදි කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් වැඩිවියට පත්වූ විටත් වෘෂණ කෝෂ නිවැරැදි ලෙස නොපිහිටීම වඳ භාවයට හේතුවක් වෙනවා.”

“කම්මුල්ගාය පිරිමින් වඳ භාවයට පත්කිරීමට හේතු වන ප්‍රධාන රෝගාබාධයක්. පිරිමි දරුවකුට කුඩා අවධියේදී කම්මුල්ගාය වැළඳී වෘෂණ කෝෂ ආසාදනයකට ලක්වුවොත් වඳ භාවය ඇතිවිය හැකියි. වෘෂණ කෝෂ ආසාදනය වූ විට ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. නිසරු භාවය ඇතිවීමට හේතු වන තවත් වැදගත් සාධකයක් වන්නේ පුරුෂයින්ගේ F.S.H. (Follicle Stimulating Hormone) හෝමෝනය නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොවීමයි.

වෘෂණ කෝෂවලට සිදුවන තැලීම් නිසාත් පුරුෂයින් තුළ නිසරු භාවය ඇතිවිය හැකියි. උෂ්ණ අධික ස්ථානවල රැකියාව කිරීම, තද යට ඇඳුම් ඇඳ දවසේ වැඩි වේලාවක් සිටීම, එකම අසුනක දීර්ඝ වේලාවක් වාඩිවී සිටීම, නිදි මැරීම වැනි අයහපත් තත්ත්වයන්ට නිතර මුහුණ දෙන පුරුෂයින් මදසරු භාවයට පත්වීමේ හැකියාව වැඩියි. විවාහ වූ පසු දරුවකු අවශ්‍ය නම් විවාහ වීමට පෙර සිටම ඒ සඳහා කිසියම් සූදානමක් තිබීම වැදගත්.

ඒ නිසා පුරුෂයකු විවාහ වීමට පෙර තමන්ගේ ශුක්‍ර තරලය පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි. එවිට ශුක්‍ර තරලයේ ඇති අඩුපාඩු සකස් කර ගැනීමට සුදුසු ප්‍රතිකාර ගත හැකියි. ආයුර්වේදයේ ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම, ඖෂධ වර්ග බොහෝ තිබෙනවා. කාන්තාවගේ සහ පුරුෂයාගේ සරු නිසරුබව, ශරීර තත්ත්වයන් අවබෝධ කර ගැනීමට නවීන විද්‍යාත්මක පර්යේෂණ උපයෝගී කර ගන්නවා.”

අප ගන්නා කෑම බීමත් මෙයට බලපානවා ද?
වර්තමානයේදී බොහෝ දෙනෙක් මඳසරු භාවයෙන් පෙළෙන්නේ වැරැදි ආහාර විහරණ රටාවන්ට පුරුදු වීම නිසයි. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, හෝමෝන එන්නත් කර නිපදවන ආහාර, ජාන තාක්ෂණයෙන් යම් යම් වෙනස්කම් කළ ආහාර ගැනීම මඳසරු භාවයට ප්‍රධානම හේතුවක්.

ස්වභාවික, සමබල, පෝෂ්‍යදායි ආහාරවලට පුරුදු වීමෙන් මඳසරු භාවය දුරු කරගත හැකියි.

මඳසරු භාවයෙන් මිදී නිරෝගී දරුවකු ලබාගැනීමට ආයුර්වේදයේ එන ප්‍රතිකාර මොනවා ද?

ආයුර්වේද ප්‍රතිකාරවලදී අෂ්ඨාංග ආයුර්වේදය උපයෝගී කරගන්නවා. අෂ්ඨාංග ආයුර්වේදයට අයත් භූත චිකිත්සාවන් මෙහිදී භාවිතා වෙනවා. එයින් බලාපොරොත්තු වන්නේ කිසියම් රෝගයකට හෝ රෝග නිධානයකට නොපෙනෙන බලවේගයක් හේතු වෙයි නම්, එම හේතුව ඉවත් කිරීමයි. එසේම මෙහිදී දරුවකු බලාපොරොත්තු වන යුවළගේ කර්මජ තත්ත්වය බලපානවා.

එය ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් ඉතා පහසුවෙන් සොයා ගත හැකියි. එහි කිසියම් අඩුපාඩු පවතීනම්, එම අඩුපාඩු මඟ හැරීමට ශාන්තිකර්ම, විශේෂ වත් පිළිවෙත් ආදිය උපයෝගී කරගන්නවා.

එවැනි ප්‍රතිකර්ම කරන අතරතුර ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කරනවා. ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කරන්නේ විරේකයක් කිරීමෙන්. එම විරේකය මගින් දරුවන් බලාපොරොත්තු වන යුවළගේ තුන්දොස් සමනය වෙනවා.

එවිට ආයුර්වේද ප්‍රතිකාර මඟින් සෙම වැඩිවීමක් හෝ වාතය වැඩිවීමක් හෝ සිදුවන්නේ නෑ. විරේක කිරීමේදී උපයෝගී කරගන්නේ එක් එක් පුද්ගලයාට සුදුසු විරේකයන්. ඉන් පසුව කරනු ලබන මාස පහක පමණ ආයුර්වේද ප්‍රතිකාර මඟින් දරුවකු පිළිබඳව සිහිනය සැබෑ කරගත හැකියි. මෙහිදී පාරම්පරික ඖෂධ වට්ටෝරු බොහෝ සෙයින් උපයෝගී වෙනවා.

දරු ඵල බලාපොරොත්තු වන යුවළකට නිතර ගැනීමට සුදුසු ආහාර වර්ග මොනවා ද?

සරු බව ලබාගැනීමට හාතාවාරිය ශාකයේ අල, කොළ මඟින් සාදාගන්නා කැඳ ඉතාම සුදුසුයි. හාතාවාරිය ශාකයේ කොටස්වල පොටෑසියම් බහුලව අඩංගුයි. වාතය සහ පිත සමනය කිරීමේ සුවිශේෂි හැකියාවක් හාතාවාරිය ශාකයේ අඩංගුයි.

ශුක්‍ර ධාතු සහ තන කිරි වර්ධනය කිරීමේ හැකියාව ද හාතාවාරිය සතුයි. හාතාවාරිය අලවලින් සාදා ගන්නා කැඳ ස්ත්‍රීන්ගේ ප්‍රදර රෝගවලට ගුණදායක බවත් ශරීරයේ පවතින සියලුම රස කොටස් වැඩි කර ශක්තිමත් කිරීමේ හැකියාවක් ද හාතාවාරිය ඖෂධය සතු බවත් ආයුර්වේද ග්‍රන්ථවල සඳහන්. එසේ ම ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට ද හාතාවාරිය කැඳ ඉතා සුදුසුයි.

හාතාවාරියවලට අමතරව රතු කව්පි, මුංඇට, මෑ ඇට, කොණ්ඩ කඩල, මිදි, කුරක්කන්, කැකිරි, පිපිඤ්ඤා, කොමඩු, නිවිති, කතුරු මුරුංගා, ගොටුකොළ ආදිය නිතර ආහාරයට එක්කර ගැනීම සරු භාවය වැඩිකර ගැනීමට හේතු වෙනවා. එසේම නිතර නෙල්ලි පාවිච්චිය, මහඟු ප්‍රතිඵල ගෙන දෙන බවයි ආයුර්වේදයේ දැක්වෙන්නේ.

ආයුර්වේද ප්‍රතිකාර මඟින් දරුවකු ලබා ගැනීම සඳහා වයස් සීමාවක් තිබෙනවා ද?

දරු ඵල නැති බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඒ සඳහා සුදුසු වයස ඉක්මවූ විටයි. ස්ත්‍රීයකට දරුවකු ලබාගැනීමට සුදුසුම වයස ලෙස වයස අවුරුදු 22 - 32 අතර කාලය පිළි ගැනෙනවා. එහෙත් නිවැරැදි ලෙස කාන්තාවගේ ඔසප් වීම සිදුවෙයිනම්, වයස වැඩි වුවත් ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා.

එහිදී බොහෝ දෙනෙක් බියක් දක්වනවා වයස්ගත වූ විට, දරුවන් ලැබීමේදී රෝගීී දරුවන් බිහිවේ යැයි කියා. එහෙත් අෂ්ඨාංග ආයුර්වේදයේ එන “රසායන චිකිත්සාව“ මගින් ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය වැඩිකර තරුණ වයසේ අයකුගේ හෝමෝනවල තත්ත්වයට හෝමෝනවල ක්‍රියාකාරිත්වය පත්කර නිරෝගී දරුවකු ලබාගත හැකියි.

 වෛකල්පිත වෛද්‍ය ක්‍රමය පිළිබඳව M.D. උපාධියත්, දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියත් හිමි පාරම්පරික වෛද්‍යාචාරිණී ගීතා ජානකී හේරත් මහත්මිය.

පූර්ව ප්‍රසව ව්‍යායාම

ගැබිණි සමයේ ඇති වන විඩාව හා ආතතියට මුහුණ දීම සඳහා ශාරීරික හා මානසික වශයෙන් විවේක ගැනීමට ඉගෙනීම වැදගත් වේ. විවේකයේ දී සිතත් ගතත් පහසුවට තැබිය යුතුය.

Exercise During Pregnancy
මෙම කාලය තුල සිරුර දරන ඉරියව් ගැන මදක් පරිස්සම් වීම තුලින් සිරුර‍ට ඇති විය හැකි පීඩනය අඩු කර සුව පහසුවක් ඇති කර ගත හැක.

සිට ගැනීම - මෙම කාලය තුල තුනී අඩි සහිත පාවහන් පළදින්න. මේ කාලයේ පවතින පිටුපසට වක් වූ ගතිය වැඩි කර ගැනීමෙන් වැලකිය යුතුය. 

විළුඹ හා පතුල් පිටු පසට සම  බර ලෙස බෙදී යන සේ පතුල් ඈත් කර සිට ගත යුතුය. හිස කෙළින් තබා ගත යුතුය. පිට කෙළින් තබා ගෙන පපුව හා පර්ශු ඉහළට එසවිය යුතුය.

හිඳ ගැනීම - කලවාවල මුළු දිගම අසුන මඟින් දරා මුළු පිටු පසම පුටුවේ පිටුපස සමඟ ගෑවී සිටින ලෙස හිඳ ගත යුතුය.

එසවීම හා බරක් ගෙන යාම - බිම ඇති දෙයක් අහුලන විට ඉඟටියෙන් නැවෙන්න එපා.
පිට කෙළින් තබා ගෙන දණ හිසින් හා උකුල ළඟින් නැවෙන්න. කලවා පේශීන්ගේ උදව්වෙන් නැඟී සිටින්න.

වැතිරී සිටින ඉරියව්වක සිට නැඟි සිටීම - වැතිරී සිටින ඉරියවුවක සිට නැගිටින විට නිතරම පළමුවෙන් පැත්තකට හැරී කලවාවල ශක්තියෙන් සිරුර කෙළින් කර දණ ගසා ගන්නා ඉරියවුවකට පත්වන්න.
කඳ කෙළින් තබා ගන්න.


සුව පහසු ලෙස ඇඳක වැතිරී ස්වභාවික අයුරින් උඩට පහළට හුස්ම ගන්න.  ප්‍රශ්වාස කරන හැම වාරයකදීම මෘදු ලෙස සුසුම් හෙළන්න.

ඉන්පසු ක්‍රමයෙන් ඔබේ පා ඇඟිලි වලින් පටන්ගෙන පළමුවෙන් ඔබේ සිරුරේ වෙනස් වෙනස් කොටස් වල පේශීන් තද කර ඊළඟට බුරුල් කර සිටින්න.


මිනිත්තු හය හතකට පසු සිරුර බුරුල් කර සිරුරේ බරින්ම ඇඳ මත වැටී නිකන් සිටින්න.  මෙම ව්‍යායාම වලට පුරුදු වන විට සිරුරේ ඕනෑම කොටසක ඇති පීඩන ගතිය දැනගෙන එම කොටස බුරුල් කර විවේක ගැනීමට හැකිය.

මව් පදවිය හා බුදු දහම

මාතෘත්වය සඳහා බුදුදහමේ ප්‍රධාන ස්ථානයක් හිමි කර දී තිබේ. දරුවෙකු පිළිසිඳීම අහඹු සිදු වීමක් නොවිය යුතු බවත් එයටයම් ප්‍රාර්ථනයක් අවශ්‍ය බවත් බුදු දහමේ දක්වා ඇත.

විවාහයෙන් පසුව සියලුමදෙනා බලාපොරොත්තු වන්නේ දරු සිඟිත්තෙක් පවුලට එකතු කර ගෙන සතුටින් ජීවත් වීමටයි.  දරුවන් නොමැතිව දුකින් ලතැවෙන විවාහක පිරිස් අප රටේ බොහෝ සිටිති.  එයට සහනයක් ලබා දීමේ අරමුණින් සැමියාගෙන්,නැන්දම්මාගෙන්, මිත්‍රයන්ගෙන්, අසල්වැසියන්ගෙන් දරුවන් නොමැතිව ගැරහුම් ලබන කාන්තාවන්ට පිහිටක් වේවා යන අරමුණ පෙරදැරිව මෙම ලිපිය ඉදිරිපත් කරමු.

පුවපල් නැකත පවතින දිනයක උදේ 6-7 අතර කතා ‍නොකර ගොස් හොඳින් පල හැදෙන අඹ ගසක නැගෙනහිර හා උතුර අතර ඇති අඹ මුල් ගලවාගෙන පිරිසිදු කර වියළා කුඩු කර එම කුඩු මේස හැන්දක ප්‍රමාණයක් වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට දමා සූකිරි මේස හැන්දක් හොඳින් කලවම් කර උදේම හිස් බඩ බොන්න. ස්ථිරවම දරුවන් ලැබෙන බව ආදී මුතුන්මිත්තන් පවසා ඇත.  මෙය මාසික ඔසප් දිනයෙන් දින තුනකට පසු පානය කරන්න. සරු දින 14 තුල අටවක රිට්ටා අමාවක අඟහරුවාදා පසළොස්වක දිනවල දහවල් 12 ට සවස 6 ට උදේ 6 ටහා රාත්‍රී 12ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසිදුව තබා ගනිමින් කායිකව එක්විය යුතු බව සඳහන්ය.

කායිකව එක් වීමට පෙර දින 3 ක් බෝධි පුජා තැබීමට බෝධිය පිරිසිදු කර පිරිසිදුව නොඉදුල්ව එළකිරි වලින් සාදන ලද කිරිබත් කෑලි 9 ක් බෝධියට පුදා බෝධි පුජාව පවත්විය යුතුය. මෙය පාන්දර 3 -4 අතර කිරීම සුදුසු අතර ධජග්ග පිරිත ද කියා දෙවියන්ට පින් පමුණුවා මෙසේ අයැද සිටිය යුතුය.  මෙම බෝධි වෘක්ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් යම් දෙවියෙක් හෝ දේවතාවියක් සිටින්නේ නම් එම දේවතාවාට ‍හෝ දේවතාවියට ඉතාම සතුටින් මවක් වීමට කැමති බැවින් මාගේ කුසේ පිළිසිද ගන්නා මෙන් පින් දිමෙන් යුතුව ආරාධනා කරන්නෙමි යනුවෙන් ශබ්ද නගා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක් කියන්න.  මෙසේ එක දිගට දින 3 කල යුතු අතර සැමියාද පෙර පරිදි පියකු වන බවට ආරාධනා කරන්නේ නම් ඉතා යහපත් ප්‍රතිළුල අත්වන බව දක්වා ඇත. ඉන්පසු ඒ ආරාධනාව සිහි කර කායිකව එක් විය යුතුය. 

නිතරම මට දරුවෙකු ලැබෙනවායි ධනාත්මකව සිතන්න. දරුවෙකුගේ රූපය සිත තුල මවා ගන්න. දරුවෙකු සමඟ ගත කරන ආකාරය සිතින් මවාගන්න. දිගින් දිගටම එසේ සිතද්දී ඔබේ අහිංසක පැතුම තිසරණ සරණින් ඉටු වන්නේමය.

ගැබිණි සමයේ සැලකිලිමත් විය යුතු කරුණු


 විදුරු මසින් ලේ ගැලීම


මෙම කාලය තුල විදුරු මස් මෘදු විමට භාජනය විය හැකිය. එබැවින් මෘදු දත් බුරුසුවක් පාවිච්චි කළ යුතුය. ආහාර ගත් පසු දත් හොඳින් පිරිසිදු කළ යුතුය. 

මල බද්ධය


ගැබිණි සමයේ ශරීරයේ ඇති ප්‍රෙජෙස්ටරෝන් හෝමෝනය නිසා බඩවැලේ චලන හෙමින් සිදු වේ. මෙම තත්වය මැඩපැවැත්වීමට දියර හා කෙදි සහිත ආහාර භාවිතා කළ යුතුය. දිගටම ප්‍රශ්නය පවතී නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.


උල්ලෝගම්

ගැබිණි සමයේ ඇති වන හෝමෝන වෙනස්කම් නිසා යෝනි මාර්ගය කැසීම් ඇති කරමින් මිදුණු කිරි වැනි ද්‍රව්‍යයක් පිටවිමට සලසන උල්ලෝගම් ඇති විය හැක. කපු යට ඇඳුම් භාවිතයත් එම ප්‍රදේශය වියළිව තබා ගැනිමත් සිදු කළ යුතුය.

වැරිකෝස් ශිරා

බත් කෙණ්ඩා හා කළවා වල ශිරා මහත් වී රැහැන් මෙන් පිටතට නෙරී ඒම මෙහි දී සිදු වේ.  බොහෝ වේලාවක් සිට ගෙන සිටීම හෝ දෙපා හරස් කර ඉඳ ගැනීම නොකළ යුතුය.  දෙපතුල් ඉහළින් තබා ගෙන විවේක ගත යුතුය.

අර්ශස්

බිළීදාගේ හිසෙන් ඇති වන පීඩනය නිසා ගුද විවරය අවට රුධිර නාල මහත් වී ඉදිමෙයි. මළ පහ කරන අවස්ථාවල තටමයි නම් එම ශිරා තව දුරටත් රුධිරයෙන් පිරේ. මේ නිසා මළ පහ කරන විට දැවිල්ල, කැසීම හා වේදනාව ඇති විය හැක. නින්දට යාමේ අපහසුව සිරුර හා සිත විවේකයට පත්කරන ව්‍යායාම වල යෙදීම සුදුසුය. උණුසුම් වතුරින් ඇඟ සේදීම ද කළ හැක.

ඩහදිය දැමීම

සිරුර උණුසුම් වී ඩහදියෙන් තෙමී යාම සිදුවන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය හා රුධිර සංසරණයේ වෙනස්කම් නිසාය.  බුරුල් ඇඳුම් ඇඳිම හා දියර වර්ග පානය කිරීම නිසා පහසුවක් ඇති විය හැක.

රක්ත හීනතාවය

සිරුරේ රක්තානුවල පිහිටි හීමොග්ලොබින් නම් රුධිර සෛල වලින් සිරුරේ විවිධ කොටස් වලට ඔක්සිජන් ගෙන යාමට උදව් වේ. සාමාන්‍ය හීමොග්ලොබින් මට්ටම ග්‍රෑම් 11-14 පමණය. එය 10ට වඩා අඩු නම් ඔබ රක්තහීනතාවයෙන් පෙළෙන බව සැලකේ.

රක්තහීනතාවයෙන් පෙළිම මඟින් බර අඩු දරු උපතක් සිදු වීම හෝ නොමේරූ දරුවෙකු බිහි වීම සිදු විය හැක. මෙය මග හැරීම සඳහා යකඩවලින් පොහොසත් සමබර ආහාරයක් ගත යුතුය. එසේම ගැබිණි කල තුල යකඩ පෙති ගැනීම ද අනිවාර්ය විය යුතුය. 

Wednesday, February 12, 2014

දරුවෙක් පිළිසිඳීම හා කුස තුල වැ‍ඩෙන දරුවා

මිනිසාට කයක් මෙන්ම මනසක් ද ඇත.  කුස තුල සිටින දරුවාට ද මෙය වලංගු වේ.  වසර සිය ගණනකට පෙර කුස තුල සිටින කළලයා මොළයක් ‍නැති හිස් ගෙඩියක් ලෙස සලකන ලදි.  කුස තුල සිටින ජීවියා‍ට චිත්ත වේග නොදැනෙන බවත් කිසිවක් මතක තබා ගැනීමට හා භෞතික සංවේදනා පිළිබඳ වැටහීමක් නොමැති බවත් පවසන ලදි.  කොටින්ම කුස තුල සිටින්නේ අද ගොළු බිහිරෙක් බවට සලකන ලදි. 
          

එහෙත් පසුගිය දශක දෙක තුන තුල මේ අදහස අත්හැර දමන්නට සිදු වී ඇත.  නවීන තාක්ෂණය  භාවිතයෙන් මව් කුස තුල ජනිත වන මුල්ම ජන්ම සෛල සූක්ෂම ලෙස අධ්‍යනය කිරීමට හැකියාව ලැබී ඇත.  එමඟින් කුස තුල වැඩෙන භෘණයාගෙත්, පසුව විකසනය වන කළලයාගේත් බුද්ධිමත් බව සොයා ගෙන ඇත.  

කුස තුල සිටින දරුවන් පිළිබඳ විවිධ කථා

කුස තුල සිටින දරුවෙකුගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ දරුවා හා දෙමව්පියන් අතර පවතින නිරතුරු සන්නිවේදනය නිසා බව ඒ පිළිබඳ කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත.

කැනේඩියානු අධ්‍යාපනඥයෙකු වන මැක්ප්‍රීමන් කුස තුල අධ්‍යාපනය දෙදෙනෙකු අතර සිදු වන බව පවසයි.  එයට පියාගේ ඇති වැදගත්කම ඔහු පෙන්වා දෙන්නේ  තාත්තා ගැබිණි අම්මාගේ බඩට තට්ටු කර රාත්‍රී ගුඩ් නයිට් ලෙස කුස තුල සිටින කිරි කැටියාට සුභාශිංසනය කළ විට එයට ප්‍රතිචාර ලෙස  සියුම් පා පහරක් අම්මාගේ  කුස මතුපිටින් ඔහුට අත් විඳිමට හැකි විය.  මෙම සිදු වීම දරුවා කුස තුල පිහිටා සති 25 කදී දක්න‍ට ලැබුණ අතර මෙම සිද්ධිය ඊළඟ දරුවාට ඉගැන්වීමට  ද ඔහුට හැකි විය. 

සි‍ටල්හි රෝහලක ළමා රෝග විශේෂඥයෙක් රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල සිටි ඉතා අසාධ්‍ය රෝගී දරුවෙකු බලාගනිමින් සිටි‍යේය.  ජීවිතාරක්ෂක උපකරණ රැසකට  මැදි වී සිටි දරුවා නිල්පාට වීම මඟින් ඔක්සිජන් හරි හැටි නොලැබෙන බව පෙනී ‍ගියේය. එම කිරි කැටි‍යා මිය යමින් සිටි බැවින් වෛද්‍යවරයා  දැඩි තීරණයක් ගන්නා ලදි. ඔහු සෙමින් දරුවාගේ ජීවිතාරක්ෂක උපරණ ගලවා ඉවත් කළේය.  විදුලි ආලෝක නිවා දැම්මේය.  ඉක්බිති තොටිල්ලට කිට්ටු වූ ඔහු තම දෙඅතින් දරුවා තොටිල්ලෙන් ඉවතට ගත්තේ සෙනෙහස පෙරදැරිවය.  දරුවා දෙඅතේ රදවාගනිමින් දෙපසට පද්දවමින් ඔහු සෙමෙන් ගීයක් මිමිණිය.  නිමේෂයකින් දරුවා ‍රෝස පැහැ ගැන්විණි.  ටිකින් ටික දරුවාගේ ජීවය ප්‍රකෘතිමත් විය.  මින් පෙනී යන්නේ නව තාක්ෂණය සියළු දේ කළ නොහැකි බවකි. තාක්ෂණය සෙනෙහසට පැරදිණි. 

ඔස්ට්‍රියානු ජාතික වෛද්‍යවරයෙකු වූ රෙනෝල්ඩ් ගැබිණි මව්වරුන් සමඟ පුංචි පර්යේෂණයක් කරන ලදි. ඔහු මව්වරුන් කීප දෙනෙක් ස්කෑන් උපකරණ යටතේ විනාඩි 20 පමණ ඉහිල් වන්නට ඉඩ සැලැස්වීය.  එවිට ඔවුන්ගේ කුස තුල සිටින දරුවෝද නිදහසේ ඉහිල්ව සිටියෝය.ඔහු හදිසියේම බබා දඟලන්නේ නොමැති බවට හැඟවිමක් කරන ලදි.   ඒ සමඟම බියට පත් වූ මව්වරුන්ගෙන් පිට වූ ඇඩ්‍රිනලින හෝමෝනය නිසා දරුවන් විමතියට පත් වී දඟලන්න‍ට පටන් ගෙන ඇත.  අප දන්නා පරිදි මව කන බොන දෑ ඇය විසින් උරා ගන්ා බෙහෙත් ආදිය දරු සිරුරටද ගලා යන බව ඇත්තකි .  ඒ කෙසේ වුවද රෙනෝල්ඩ් වැන්නවුන්ගේ පරීක්ෂණ මඟින් පෙන්වා දෙනුයේ මාතෘ සංවේදනා කායිකවද සම්ප්‍රේෂණය වන බවෙකි.   උදාහරණ ලෙස ගර්භණී මවක් දිගු හෝ කෙටි කාලීන ආතති තත්වයක් පෙන්නුම්කරන්නේ නම් එම ආතති බද්ධ හෝමෝන වලින් ටිකක් දරු ගැබ තුලට ද යවා දරුවාද මානසික වික්ෂිප්ත භාවයට පත් කරවයි.

උග්‍ර මානසික ආතතියෙන් පෙළෙන මව්වරුන්ට ලැබෙන දරුවන් නොමෝරා ප්‍රසූතිය සිදු වීම, බරින් අඩු වීම, අධි සක්‍රිය වීම, නිතර නොරිස්සුම් ගති පෙන්නුම් කිරීම ආදියෙන් හෙබිය.  මෙසේ මව් කුස දි උග්‍ර ආතති  වලට  හවුල් වන දරුවන් මව් කුසින් බිහිවන විට ඇඟිලි සපාගෙන සමහර අවස්ථාවල තුවාල සහිතව විකන ලද ඇඟිලි තුඩු සහිතව උපත ලබයි.

ප්‍රසූත අත්දැකීම් ගැන සොයා බැලූ අය, දුෂ්කර හා අනතුරුදායක ප්‍රසූත තත්ව වලට මුහුණු දුන් දරුවන් පසු කලකදී සිය දිවි නසා ගැනීම් හෝ මත් බෙහෙත්  ඇබ්බැහිවීම් වලට නැඹුරු  වන බව පෙන්වා දී ඇත. මානසික වෛද්‍යවරයෙකු වන ලේ සෝක් පෙන්වා දී ඇත්තේ යෞවන සියදිවි හානිකර ගැනීම් වඩාත් පතල වන්නේ ඔවුන්ගේ මව්වරුන් ගැබ් ගෙන සිටි අවධිවල දීර්ඝ කාලීන ගිලන්ව සිටි -අඩු සහයෝගීතා සහිතව සටි අයගේය. මවගේ ගැබ තුල දී මව සමඟ සම්බන්ධය නිත්‍ය වේ .

දරු ගැබ තුල පරිසරය අවිවේකීය. ඝෝෂාකාරීය. ශරීරයේ නොයෙකුත් ශබ්ද, කට හඩවල්, පිටතින් ඇසෙන ශබ්ද නිසා දරු ගැබ තුල පරිසරය අවිවේකීය.  මව සැර බීමක් බීවේ නම් දරුවාට ද ඉන් ටිකක් යයි.  මව නටයි නම් නටයි.  මව බියෙන් නම් දරුවා ද එහි කොටස් කරුවෙක් වෙයි.  

Vindana IVF